අපට ඇති ගැටළුව

රටක ආර්ථික වර්ධනයට මෙන්ම ඒ රටෙහි දියුණුවට බෙහෙවින් බලපාන ප‍්‍රමුඛ සාධකයකි විද්‍යා සාක්ෂරතාව මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ.

යුරෝපීය රටවල විද්‍යා පර්යේෂණ කෙතරම් දියුණු තලයක පැවතියද ආසියාතික කලාපයේ එය එතරම් වර්ධනයක් නොමැත්තේ අප කලාපය තුල මෙම විෂය වෙනුවෙන් යොදවන්නා වූ සීමිත සම්පත් හා මූල්‍ය ආයෝජනය ඉතාමත් පහල මට්ටමක පැවතීම නිසාය. සරලව කිව්වොත් මේ විෂය කෙරෙහි ඇති උනන්දුවේ හීන භාවයයි.

අප රටේ සාක්ෂරතාව ඉහල මට්ටමක පැවතුනද, විද්‍යාව කෙරෙහි යොමු නොවන්නේ භාෂා අර්බුදයක් විය හැකියැයි අපට සංසන්දනාත්මකව බැලිය හැකිය. අපේ ජාතිය තවම දන්නෙ මීට අවුරුදු 10 ක්ට 20 පමණ පැරණි විද්‍යාවයි. නව විද්‍යාව අපේ භාෂාව හරහා පරිවර්ථනය වීම ඉතා සෙමින් සිදු වීම මේ අර්බුදයට තවත් හේතු සාධකයකි.

සිංහලෙන් විද්‍යාව, අපේ ජාතියට හීනයක්ද, ගමේ සිටින තරුණයාට, පාසැල් යන සිසුවාට නව අදහසක් ආවොත් මොබයිල් ෆෝන් එක ළඟ තිබ්බත්, අන්තර්ජාලයට යන්න හැකි වුනත් ඒ දේ තේරුම් ගන්න හැකියාවක් නොමැතිනම් කොතනද ප‍්‍රශ්නය.

සාක්ෂරතාවය අඩු සමහර රට වල විද්‍යා දැනුම ඉතා ඉහල මට්ටමක පවතින්නේ ලෝකයේ විද්‍යා විෂයේ යාවත්කාලීන වීම් එසැනින් තම රටේ භාෂාවෙන් රට තුළට පැමි ර්‍ණම නොවේද,
එලෙස අප රට තුළටද පැමිණියානම්, දිවයින වැනි රටක වග කිවයුතු පුවත් පත් අඟහරුවල බිල්ඩින් බොක්ස් සොයා ගනු ලැබූවා වැනි පුවත් වාර්ථා කිරීම සිදු නොවන්නේය.

ජපානය, කොරියාව, චීනය වැනි රටවල් අද විද්‍යා පර්යේෂන හා විද්‍යා සාක්ෂර තාවයෙන් ඉදිරියෙන් සිටින්නේ මේ වැනි හේතු නිසා යැයි අප තේරුම් ගත යුතු වන්නේය.

රට තුල විද්‍යා විෂයට මෙන්ම විද්‍යා තාක්ෂණික පර්යේෂණයන්ට යොමු වීම ඉතා පහළ මට්ටමක පවතිනුයේ මේ හේතුව නිසා විය හැකිය. රට තුළ විද්‍යා ආශ‍්‍රිත කලා නිර්මාණ ඉතාමත්ම අල්ප වශයෙන් බිහි වීම, මේ විෂය පථය කෙරෙහි අධ්‍යනයට යොමු වන පිරිස ඉතා අල්ප වීම, විද්‍යා හා තාක්ෂණික කර්මාන්ත ඉතා අල්ප වශයෙන් බිහිවීම රටක් වශයෙන් ගත් කළ ඉතා සෝචනීය තත්වයකි.

එහි බලපෑම රටේ ආර්ථිකයට මෙන්ම සාක්ෂරතාවයටද ප‍්‍රමුඛව එල්ල වේ. ඒ හේතුවෙන් රටෙහි සීඝ‍්‍ර සංවර්ධනය, ආර්ථිකය මෙන්ම දියුණු ජාතියක් බිහිවීම කෙරෙහි බාධා එල්ල වෙමින් එය අඩාල වන බවයි අපගේ විශ්වාසය.

Comments

Popular Posts

විද්‍යාව දියුණු කිරීමට විසඳුම්

Science Tv කා හටද?